ආහාරය සඳහා කොස්ගෙඩි බැලීමට ගිය කාන්තාවකගේ, හිසට කොස් ගෙඩියක් වැටී මියයයි (VIDEO)

Sri Lanka Accident
By Sewvandhi Jul 02, 2022 01:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොස්ගෙඩියක් හිසට වැටීමෙන් 52 හැවිරිදි කාන්තාවක් මියයාමේ පුවතක් රත්නපුර - ගොඩකවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ දහවල් අදාළ කාන්තාව නිවැසියන්ගේ ආහාරය සඳහා ගෙවත්තේ තිබූ කොස්ගසෙහි ගෙඩි පැසී ඇත්දැයි බැලීමට ගිය අවස්ථාවේ එක්වරම ඉදුණු කොස්ගෙඩියක් මෙලෙස වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අදාළ කාන්තාව රෝහල් ගත කිරීම සදහා මෝටර් රථයක් සොයා ගැනීම ද අපහසු වී ඇති අතර එම තත්ත්වය හමුවේ ඇය රෝහල් ගත කිරීම ද ප්‍රමාද වී ඇති බවයි වාර්තා වන්නේ.

(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now