මහමඟ හැප්පෙන අයට රස්තියාදු නොවී වන්දි ගන්න රජයෙන් අලුත් ක්‍රමයක්.

Government Of Sri Lanka Accident
By Wayomi Dec 05, 2023 05:10 AM GMT
Wayomi

Wayomi

Report

රිය අනතුරු හේතුවෙන් වින්දිතභාවයට පත්වන පිරිස වෙත අධිකරණයට නොයා වන්දි මුදලක් ලබාගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව මාසයක් ඇතුළත හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කරනවා.

ඒ,අනුව මේ වන විට ඊට අදාල රෙගුලාසි සකස්කර ඇති බවත් රිය අනතුරට ලක්වූ පාර්ශ්වයට අධිකරණය වෙත නොයා රුපියල් ලක්ෂ පහක් දක්වා වන්දි මුදලක් ලබාගැනීමේ හැකියාව මේ හරහා හිමිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මහමඟ හැප්පෙන අයට රස්තියාදු නොවී වන්දි ගන්න රජයෙන් අලුත් ක්‍රමයක්. | A Way To Get Compensation Without Going To Court

මේ අතර රිය අනතුරේ ස්වභාවය අනුව එම ලක්ෂ පහක මුදල වින්දිතයන්ට ප්‍රමාණවත් නොවන්නේ නම් ඉන්පසු අධිකරණය වෙත යොමුවී වන්දි ලබාගැනීමේ හැකියාව පවතියි.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඊට අදාල ගැසට් පත්‍රය නිකුත් කිරීම හැකි ඉක්මනින් සිදුකිරීමට නියමිත බවයි.

රිය අනතුරුවලට පත්වී මහමඟ දමායන පිරිස වෙත රක්ෂණ ආයතන හරහා වන්දි ලබාගැනීමේදී අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත්වීම අපහසු වන බැවින් මෙම විනදිත පාර්ශ්වය වෙත යම් සහනයක් ලබාදීමේ අරමුණින් මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිත      

ReeCha