මෙරට උත්සන්න වන තවත් රෝගයක් ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීමක්. - දරුවන් අතර විශේෂයි.
පසුගිය වසරේදී ලාදුරු රෝගීන් 1550ක් හඳුනාගෙන ඇති අතර ඉන් ළමා ලාදුරු රෝගීන් 173ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ජාතික ලාදුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර කියා සිටියේ, ඒ, අනුව පසුගිය වසරේ දී රෝගීන් හඳුනාගැනීම 10%කින් ඉහළ ගොස් තිබෙන අතර ළමා ලාදුරු රෝගීන් හඳුනාගැනීම 11%කින් ඉහළ ගොස් ඇති බවයි.
මේ අනුව රටේ දිස්ත්‍රික්ක 25න් ම රෝගීන් වාර්තා වී ඇති බවත් කොළඹ, මඩකලපුව, ගම්පහ, කළුතර, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක 15ක රෝගීන් හඳුනාගැනීම ඉහළ ගොස් තිබෙන බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
වසර 03කට පසුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉහළම රෝගීන් සංඛ්‍යාව හඳුනාගෙන ඇති අතර කොළඹ 315ක්, ගම්පහ 168ක්, මඩකලපුව 151ක්, කළුතර 116ක්, කුරුණෑගල 80ක්, ගාල්ල 75ක්, පොළොන්නරුව 47ක් ,මාතර සහ අම්පාර 70 බැගින්, අනුරාධපුරය සහ රත්නපුරය 61 බැගින්, පුත්තලම සහ හම්බන්තොට 57 බැගින් වැඩිම රෝගීන් හඳුනාගෙන තිබෙනවා.
මෙහිදී ළමා ලාදුරු රෝගීන් කොළඹ 45ක් ,මඩකලපුව 23ක්, ගම්පහ 16ක්, කුරුණෑගල 12ක්, කළුතර 08ක් ,වශයෙන් වැඩිම රෝගීන් වාර්තා වී ඇත.
එමෙන්ම හමුවූ ලාදුරු රෝගීන්ගෙන් සියයට 80ක් තමන් විසින්ම රෝග පරීක්ෂාවට පැමිණි අය බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර ලාදුරු රෝගය පිළිබඳ රෝග ලක්ෂණ ඇති වූ වහාම පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ළමා ලාදුරු රෝගීන් වාර්තාවීම අවම කර ගත හැකි යැයි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර ජනතාවට දැනුම් දෙනවා.
Sponsored By Sarrita Jewellery
