වෑන් රථයක් අඩි 50ක ප්‍රපාතයකට පෙරළෙයි.

Sri Lanka Police Nuwara Eliya Sri Lanka Accident Hatton
By Hashini Aug 26, 2023 06:47 AM GMT
Hashini

Hashini

Report

හැටන් සිට ලිදුල දක්වා ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එම වෑන් රථයේ රියදුරා සහ අයිතිකරු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑලිය මහා රෝහලට ඇතුලත් කර ඇත.

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන ලිදුල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් පවසන්නේ, වෑන් රථය හැටන් දික්ඔය නගරයේ ගරාජයකින් අලුත්වැඩියා කරගෙන ආපසු ලිදුල මටුකැලේ දක්වා ධාවනය කරන අවස්තාවේ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලි ඇති බවයි.

අනතුරට හේතු වී ඇත්තේ, වෑන් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක්. 

ReeCha