ගසක අත්තක් කඩා වැටී සිසුවියක් ජිවිතක්ෂයට.

Police spokesman Kandy Sri Lanka Death
By Hashini Sep 17, 2023 05:57 AM GMT
Hashini

Hashini

Report

හිස මතට ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරු පැදියක පසුපස ගමන් කරමින් සිටි පාසල් සිසුවියක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි පුඬළුඔය පොලීසිය පවසනවා.

තලවකැලේ- තවලන්තැන්න මාර්ගයේ පුඬළුඔය, පාලුවත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතල ලෙස තුවාල ලැබු සිසුවිය රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වු බව පොලීසිය පවසනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආගරපතන, බඹරකැලේ, අපකැන්ලි වත්තේ පදිංචිව සිටි විජයරාජ් දිව්‍යරාණි (17) නැමැති පාසල් සිසුවියකි.

මහනුවර ප්‍රදේශයේ ඥාති නිවසක සිට යළි ආගරපතන ප්‍රදේශයට සිය පියා සමග යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට ඇය මුහුණ පා ඇත.

පොලීසිය සඳහන් කරන්නේ අනතුරින් පියාට කිසිඳු තුවාලයක් සිදුව නොමැති බවයි.  

ReeCha