දුම්රිය මාර්ගයක ප්‍රමාදයක්.
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
Railways
By krishani
අද (28) මරදාන සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රියක් කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර දී කාර්මික දෝෂයකට ලක් වී ඇත.
ඒ හේතුවෙන් අද පස්වරුවේ ධාවනය වන දුම්රිය ප්‍රමාදයකට ලක් වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එම දුම්රිය ඉවත් කර ගැනීම සඳහා සහයක දුම්රියක් අදාළ ස්ථානයට යොමු කර තිබෙනවා.
කෙසේ වෙතත්, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව මාර්ගයේ අවහිරතාවය කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
