සුරූපී තරුණියක් යටි කය නිරුවත්ව සිහිසුන්ව තේ වත්තක වැටී සිටියදී හමුවෙයි..රෑ නින්දට ගිහින් සිදු වූ දේ.(PHOTOS)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Accident
By Aruna Oct 08, 2023 07:44 AM GMT
Aruna

Aruna

Report

තම සොයුරියගේ නිවසට පැමිණ සිටි 26 හැවිරිදි තරුණියක් එම නිවසට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි තේ වත්තක යටි කය නිරුවත්ව සිහිසුන්ව සිටිය දී හමුවී තිබෙන පුවතක් වාර්තා වනවා.

වැලිමඩ මිරහවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියක් ඌව පරණගම- පල්ලේවෙල ප්‍රදේශයේ පදිංචි තම වැඩිමහල් සහෝදරියගේ නිවසට පැමිණ සිටියදී මෙම සිදුවීමට මුහුණදී ඇති බවයි පැවසෙන්නේ.

ඇය ඊයේ රාත්‍රියේ නිවසේ කාමරයක නින්දට ගොස් ඇති අතර අද උදෑසන නිවැසියන් කළ සොයා බැලීමේදී තරුණිය නිවසේ නොමැති බවට හෙළිවී තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

මේ අතර, අප වාර්තාකරු සඳහන් කළේ, ඌව පරණගම ප්‍රදේශයේ වතු යායක තරුණියක් ඇද වැටී සිටින ආකාරය ප්‍රදේශවාසීන් දැක අති අතර ඔවුන් මේ පිළිබඳ ඌව පරණගම පොලිසිය දැනුවත් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කළ තොරතුරු සොයා බැලීමේ අනාවරණ වී ඇත්තේ ඇය පල්ලේවෙල ප්‍රදේශයෙන් අතරුදහන් වූ තරුණිය බවටයි.

තරුණිය සොයා ගන්නා අවස්ථාවේ දී ඇයගේ යටි කය නිරුවත්ව අඩ සිහියෙන් සිට ඇති අතර තමන්ට සිදු වූ කිසිදු දෙයක් මතකයේ නොමැති බව ඇය පසුව පවසා තිබේ.

සිද්ධියට මුහුණ පෑ තරුණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙන අතර, ඇය හමු වූ ස්ථානයේ තිබී සිරින්ජරයක් ද සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ දැනටමත් ක්‍රියාත්මක කර තිබේ.

GalleryGallery
ReeCha