ජනපති රනිල්ට වෙඩි තියන්න ස්නයිෆරයක් හෙව්ව පාන් බට්ටා - විමර්ශනවල දී හෙළි වුණ දේ.. (PHOTOS)

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka
By krishani Sep 04, 2023 04:19 PM GMT
krishani

krishani

Report

එප්පාවල උත්සවයකට පැමිණෙන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ස්නයිපරයක් අවශ්‍යය බව පවසා මුහුණු පොතේ සටහනක් තැබූ එප්පාවල මැඩියාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයකු සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ගෙන තිබෙනවා.

බේකරි නිෂ්පාදන ජංගම අලෙවිකරුවකු ලෙස සේවය කරනු ලබන මෙම තරුණයා, ඊයේ (03) දින පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් එප්පාවල දී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳසා කොළඹට රැගෙන ගොස් ඇත.

උතුරු මැද පළාතේ පැරණිතම පාසල වන එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 150 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් එළැඹෙන 07 වන දින පස්වරු 03.00 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිත අතර එහිදී එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 150 වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් ද නිකුත් කිරීමට නියමිතයි.

එහිදී එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 150 වැනි සංවත්සර සැමරුමට සමගාමීව සැප්තැම්බර් මස 05/06 දෙදින විද්‍යාල පරිශ්‍රයේ දී අධ්‍යාපනික ප්‍රදර්ශනයක්, 06 වැනි දින පස්වරු 06.00 ට ධර්ම දේශණාවක්, සැප්තැම්බර් මස 07 වැනි දින දහවල් එකසිය පනස් නමක් විෂයෙහි දානමය පිංකමක් හා පස්වරුවේ ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය හා සමරු මුද්දරය නිකුත් කිරීම, සැප්තැම්බර් මස 08 දින පෙරවරුවේ රථ පෙළපාලිය හා පාගමනක් මෙන්ම එදින පස්වරුවේ සංගීත ප්‍රසංගයක් මෙන්ම, සැප්තැම්බර් මස 09/10 දෙදින ආදී සිසු ක්‍රිකට් තරඟාවලියක් ද ලෙස සැමරුම උත්සව මාලාවක් සංවිධානය කර ඇත.

එම උත්සවය වෙනුවෙන් එළැඹෙන 07 වැනි දින ජනාධිපතිතුමන් සහභාගී වීමට සිටින පසුබිමක අදාළ තරුණයා විසින් ඊයේ (03) දින පෙරවරුවේ තම ෆේස් බුක් පිටුවේ "මේ කවුරු හරි ලඟ තියෙනවාද ස්නයිපර් එකක් සැප්තැම්බර් 17 වැනිදාට ගන්න එප්පාවලට රට කාපු ලොකුම කාලකන්නි හොරා එනවා ඌට වෙඩි තියන්න" යනුවෙන් සටහනක් තබා ඇත.

එම සටහන සම්බන්ධයෙන් බුද්ධි අංශ නිළධාරීන්ට තොරතුරු ලැබීමෙන් අනතුරුව පරීක්ෂණ සිදු කිරීම සඳහා ඔහු එප්පාවල පොලීසියට කැඳවා කරුණු විමසා ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කිරීම සඳහා අදාළ තරුණයා ඊයේ (03) රාත්‍රියේම කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ඇත.මේ වන විට අදාළ සටහන ද එම තරුණයා විසින් සිය ෆේස් බුක් ගිණුමෙන් ඉවත් කරගෙන ඇත.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම වල දී ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ සැලසුමක් හෝ අවශ්‍යතාවක් ඔහුට නොපවතින බව ද අනාවරණය වී ඇත.

අදාළ තරුණයාගේ පියා කුලී රථ රියදුරකු ලෙස සේවය කරන බවත් ඔවුන් අපරාධ සඳහා සම්බන්ධ පුද්ගලයින් නොවන බවත් අනාවරණය වී ඇත.

අදාළ තරුණයාගෙන් ස්නයිෆර් ගැන දන්නේ කෙසේදැයි විමසා ඇති අතර, තමන් පබ්ජි වැනි පරිඝණක හා ජංගම දුරකථන ක්‍රීඩා සිදු කරන බවත්, ඒවායේ දුර සිටින පුද්ගලයින් ඝාතනය කිරීම සඳහා ස්නයිෆර් යොදා ගන්නා බවත් පවසා ඇත.

තමන් මෙම ෆේස්බුක් සටහන දුරදිග නොසිතා දැමුවක් බව ද ඔහු පවසා ඇත. අදාළ තරුණයා පරිගණක හා ජංගම් දුරකථන ක්‍රීඩා සඳහා තදින් ඇබ්බැහි වූවෙකු බව ද පරීක්ෂණ නිළධාරීන් පවසයි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.



You May Like This Video ?

මේක හිතක් පපුවක් නැති කාලකණ්නි ඉන්න පාර්ලිමේන්තුවක් | චිරන්ත අමරසිංහ කියපු සැර කතාව | Gagana News


GalleryGallery
ReeCha