සිසුවෙක් තවත් සිසුවෙක්ට බෝතල් කටුවකින් අනී.

Police spokesman Sri Lanka
By Hashini Sep 21, 2023 11:04 AM GMT
Hashini

Hashini

Report

පානදුර ජනප්‍රිය පාසලක සිසුවෙක් බෝතල් කටුවකින් එම විදුහලේම සිසුවෙකුගේ පාදයකට පහරදී කැපුම් තුවාල සිදුකර තිබෙනවා.

පානදුර දකුණ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව සඳහන්.

පහර කෑමට ලක් වූ පානදුර, නල්ලූරුව ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දරුවෙකු කැපුම් තුවාල සහිතව පානදුර මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඔහුගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

පහරකැමට ලක්වූ දරුවාගේ පියා විසින් කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කල බව පොලිසිය පවසනවා.

මූලික පරීක්ෂණ වලදී හෙලිව ඇත්තේ පහර කෑමට ලක්වූ සිසුවා පහරදුන් සිසුවාට නිතර විහිළුකර ඇති බවයි. 

ReeCha