අනුරාධපුර වන්දනාවේ ගිය සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වෙයි...
දඹුල්ල - ඉබ්බන්කටුව ජලාශයේ නෑමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ අදාළ සිසුවා සිය මිත්තණිය සහ සොහොයුරා ඇතුළු පිරිසක් සමඟ අනුරාධපුර වන්දනාවේ යන අතරතුර මෙම අනතුර සිදුවී ඇති බවයි.
ඔහු දියේ ගිලි අතුරුදන් වී සිට ඇති අතර දඹුල්ල පොලිසියේ ජීවිතාරක්ෂක නිලධාරීන් සිදුකළ සෝදිසි කිරීමකදී අදාළ සිසුවාගේ මළසිරුර සොයාගැනීමට හැකි වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු16ක ගාල්ල - හල්විටිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.