ඉතිහාසයේ පළමු වරට මෙරට රෝහලක වර්ජනයක්.
අද (19) උදෑසන රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය තුළ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් ය.
එයට හේතුව ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකුගේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව එම ක්‍රියාමාර්ගය ගත් බවයි.
එම ගැටලුව විසඳීමට රෝහල් අධ්‍යක්ෂකවරයා අසමත් වීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මෙම ගැටලුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත රැගෙන යාමට සිදු වූ බවත් ඒ සඳහා ඔහු සතියක කාලයක් ඉල්ලා සිටි බවත් ඔහු සඳහන් කළේ ය.
නමුත් මේ වන විට සති තුනක් ඉක්මවා ගොස් නමුත් එයට විසදුමක් ලබා දී නොමැත.ඒ හේතුවෙන් මේ ගැටලුව නොවිසඳීමට විරෝධයක් ලෙස එම රෝහලේ බාහිර රෝගී අංශයේ පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බවත් හදිසි ප්‍රතිකාර අංශය අඛණ්ඩව ක්‍රියාත්මක බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
නමුත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා කියා සිටියේ මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් ඔහු දැනුවත් කර නොමැති බවයි.
