වෙන්න ගිය මහා විනාශයක් 99 න් බේරුණු හැටි මෙන්න.

Police Accident Sri Lanka Mannarama a-stockpile-of-explosives-
By Aruna Nov 21, 2021 06:48 AM GMT
Report

මන්නාරම, උප්පුකුලම ප්‍රදේශයේ පාළු නිවසක සඟවා තිබූ කිලෝග්‍රෑම් 150යි, ග්‍රෑම් 750ක බරකින් යුත් වෝටර් ජෙල් නමැති පුපුරණ ද්‍රව්‍ය කූරු 1200ක පමණ තොගයක් ඊයේ(20) රාත්‍රියේ මන්නාරම පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ මන්නාරම යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත මන්නාරම පොලීසිය හා එක්ව මෙම මෙහෙයුම සිදු කළ බවයි.

මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේ සැක කටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක්කර එහි නීතිවිරෝධී ලෙස සඟවා ගබඩා කර තිබූ, මෙම පුපුරණ ද්‍රව්‍ය අඩංගු කූරු 7990ක පමණ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගැනුණා.

නීතිවිරෝධිව මසුන් මැරීම වෙනුවෙන් අදාළ වෝටර් ජෙල් පුපුරණ ද්‍රව්‍ය තොගය ගෙනැවිත් සඟවා තබන්නට ඇති බවට මන්නාරම ආරක්ෂක අංශ සැක පළ කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now