වෑන් රියකින් හොර රහසේම ගෙනියන්න හදපු දෙයක් ..

Report

 වෑන් රථයකින් අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ කසිප්පු තොගයක් සීදුව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

 ඊයේ (07) රාත්‍රියේ දී සීදුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව වෑන් රථයකින් උදම්මිට පන්සල අසල දී සිදු කළ සෝදිසි කිරීමක දී අදාළ වෑන් රිය සමග කසිප්පු සොයා ගැනුණි.

වතුර බිල,විදුලි බිල ගෙවා ගන්න ක්‍රමයක් නැද්ද..බලන්නකෝ මෙයාලට නම් ලොතරයියක් ඇදිලා..

වතුර බිල,විදුලි බිල ගෙවා ගන්න ක්‍රමයක් නැද්ද..බලන්නකෝ මෙයාලට නම් ලොතරයියක් ඇදිලා..

මෙම වැටලීමේදී කසිප්පු බෝතල් 495ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් රියැදුරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නීති විරෝධී කසිප්පු නිෂ්පාදනය කරන සීදුව පොලිස් බල ප්‍රදේශයේ ලන්සියාවාඩිය ස්ථානයේ පිහිටි සුවිසල් මන්දිරයක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ ස්කාගාරය වටලා අලෙවි කිරීමට සූදානම් කර තිබූ තවත් බෝතල් 25 බැගින් අසුරා ඇති පොලිතීන් උර 17,ක් මත්පැන් කවලම් කිරීම සඳහා උපයෝගී කරගන්නා උපකරණ සමග ප්‍රධාන සැකකාරිය ද එම ස්ථානයේ දී ම අත්අඩංගුවට ගැනීම සිදු කළා.

මොකක්ද මේ වෙන්න යන්නේ .. ෆාමසි රැසක් වැසීයෑමේ අවධානමක් ..

මොකක්ද මේ වෙන්න යන්නේ .. ෆාමසි රැසක් වැසීයෑමේ අවධානමක් ..

අද (08) දින මෙම සැකකාරිය සහ වෑන් රථයේ රියදුරු සමග නිවසේ සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු, නඩු භාණ්ඩ සමගින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Gallery