ඇමති ටිරාන්ගෙන් පොලිස් සේවය ගැන ප්‍රකාශයක්.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසන්නේ පොලිස් නිලධාරීන්ගෙන් පොලිස් සේවයට අවංක සහ ගුණාත්මක සේවයක් අපේක්ෂා කරන බවයි.
පිරිහී තිබූ පොලිස් නිලධාරීන්ගේ ගෞරවය සහ අභිමානය නැවත ඉහළ නංවා තැබීමට මේ වනවිට හැකි වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා එම අදහස් පළ කළේ පොල්පිතිගම පොලිස් ස්ථානයේ නව ගොඩනැඟිල්ල ඉදිකිරීමේ අවස්ථාවට එක්වෙමින්.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා,
මම ඇමතිකම භාර ගත්තාට පස්සේ පොලිස් නිලධාරීන්ට කරන්න පුළුවන් සෑම දෙයක්ම වගේ කරලා තියෙනවා. ආර්ථික වශයෙන් වාහන...ජීප් 500ක් ගෙනාවා.
පුළුවන් තරම් පොලීසිවලට ඒ වාහන බෙදා දුන්නා. බටා එක දුන්නා. මම ඉස්සරහට තව දේවල් කරන්න බලනවා. ඒවට ප්‍රතිචාරයක් වශයෙන් මම බලාපොරොත්තු වෙන්නේ පොලිස් නිලධාරීන්ගෙන් අවංක සේවයක්.
අපි පොලිස් නිලධාරීන් හැටියට අදිටන් කර ගමු හරියට මහජනයාට සේවය කරලා මත්ද්‍රව්‍ය වැනි දේවල් පාතාලය. ඔය ගමේ චණ්ඩි ඉන්න බැහැ. ඒවා ඔක්කොම පොලිස් නිලධාරීන් බලාගන්න ඕනේ.
පොලිස් නිලධාරීන් වශයෙන් අපි මහජනයාට සේවය කරලා ඒ වැඩකටයුතු අවංකව හරියාකාරව කරමු කියන පණිවිඩය මම අද දෙන්නේ.
