පාර්ලිමේන්තු ඡන්දය ගැන මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශයක්...

Election Commission of Sri Lanka Parliament of Sri Lanka Sri Lanka Election
By Parami Dissanayake Sep 24, 2024 05:26 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ඕනෑම අවස්ථාවකදී එම දිනයේ සිට දින 52ත් 66ත් අතර කාලය තුළදී මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටිනවා.

ඒ මහතා මෙම කරුණු පැහැදිලි කළේ අද (24) මැතිවරණ කොමිසමේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස වෛද්‍ය නජිත් ඉන්දික පත් කෙරේ...

නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස වෛද්‍ය නජිත් ඉන්දික පත් කෙරේ...

"පාර්ලිමේන්තුව විසුරුවා හැරින ඕනෑම අවස්ථාවකදී එම දිනයේ සිට දින 52ත් 66ත් අතර කාලය තුළදී මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම බැඳී සිටිනවා. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නිවේදනය ජනපති ලේකම්ගේ අත්සනින් නිවේදනය කරාට පසුව ඒ අනුව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා නාමයෝජනා භාරගන්නා දින කවදා ද?, මැතිවරණය පැවත්වීමේ දිනය කවදා ද ? සහ පාර්ලිමේන්තුව නැවත රැස්වන දිනය කවදා ද ? කියලා."

යනුවෙන් පැවසු එතුමා වැඩි දුරටත් අදහස් ඉදිරිපත් කරමින් පවසා සිටියේ,

"2024දී පාර්ලිමේන්තු මැතිවරණයකට කිසිදු ආකාරයක මුදල් වෙන්වීමක් වෙලා නෑ. 2025 වසරට තමයි නියම වශයෙන් තියෙන්නේ. නමුත් යම් ලෙසකින් ජනාධිපතිවරයා විසින් ඔහුට තිබෙන බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේනම් එම විසුරුවාහැරීමේ නිවේදනයත් සමගම ඔහු බැඳිලා ඉන්නවා මැතිවරණයට මුදල් භාණ්ඩාගාරයෙන් දෙන්න. 2025 සඳහා අයවැය පුරෝකථනය කිරීමේදී රුපියල් බිලියන 11ක් මැතිවරණයකට අවශ්‍ය බව කියා තිබෙනවා."

මෙසේ ය.  

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%