විදෙස් රටක දී ම කෝටිපතියෙක් වුණ ලාංකිකයා - කෝටි 176ක සුපිරි ලොතරැයි දිනුමක්. (VIDEO)

Sri Lanka Dubai Lottery Money
By krishani Sep 06, 2023 06:31 PM GMT
krishani

krishani

Report

ඩුබායි හි සේවය කරන ශ්‍රී ලාංකිකයෙක් "Abu Dhabi Big Ticket" නම් ලොතරැයියේ ජයග්‍රහණය හිමිකරගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව එහි වටිනාකම ඩිරාම් මිලියන විස්සක් වන අතර එය මෙරට මුදලින් රුපියල් කෝටි 176ක් වේ.

බුබායි හි වැඩ පරීක්ෂකයෙක් ලෙස සේවය කරන තුරෙයිලිංගම් ප්‍රභාගර් එරටට ගොස් ඇත්තේ මීට වසර 16කට පමණ පෙරදී ය. 

තුරෙයිලිංගම් පසුගිය අගෝස්තු මස අවසාන සතියේ මෙම ජයග්‍රාහි ටිකට්පත අන්තර්ජාලය හරහා මිලදී ගෙන ඇත්තේ අදාළ ලොතරැයියේ ප්‍රවර්ධන වැඩසටහනක් හරහායි.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ තුරෙයිලිංගම් වසර 5ක් තිසසේ මෙම ලොතරැයි මිල දී ගෙන ඇති බවයි.

වීඩියෝ දර්ශන - Hiru News YouTube Channel