කන්ටේනර් කියන්නත් බෑ! පාර්ලිමේන්තුවේ විශේෂ ‘වචන තහනමක්’?

Parliament of Sri Lanka Latest Headlines Sinhala news gagana news SriLanka News - Gagana
By Shehan Jun 07, 2025 12:08 PM GMT
Shehan

Shehan

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා සඳහන් කරන්නේ “කන්ටේනර්”, “සූර්ය පැනල” සහ “සුළං ශක්තිය” යන වචන පාර්ලිමේන්තුව තුළ අද වනවිට තහනම් වචනවලට සමාන වී ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. ඔහු කියා සිටියේ, මෙම වචන පාර්ලිමේන්තුවේදී පාවිච්චි කරන විට ආණ්ඩු පාර්ශ්වයෙන් එම මාතෘකා සභාවේ අදාළ නොවන බව සඳහන් කරමින් ඒවා සාකච්ඡාවෙන් වළක්වන බවය.

බර අඩු කරන්න ගත් එන්නතක ප්‍රතිවිපරම්? කාන්තාවන් 40ක් ගැබ් ගනියි!

බර අඩු කරන්න ගත් එන්නතක ප්‍රතිවිපරම්? කාන්තාවන් 40ක් ගැබ් ගනියි!

මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, රතු ලේබල් යටතේ ආනයනය වූ කන්ටේනර් 323 ක් පිළිබඳව තවමත් නිළ වශයෙන් පාර්ලිමේන්තුව හෝ රජය විසින් පැහැදිලි කිරීමක් ලබා දී නොමැති බවත්, එම කන්ටේනර්වල අන්තර්ගතය පිළිබඳව රාජසන්තක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා සැකයට පත්ව ඇති බවයි.

“අර්ජුනා රණතුංග මන්ත්‍රීවරයා පවා සදහන් කළේ එම කන්ටේනර්වල තිබුණේ ත්‍රස්තවාදීන් සම්බන්ධ ආයුධ බවයි. එවැනි චෝදනා පවා පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් වුණද, ඒ පිළිබඳව කිසිදු නිල පරීක්ෂණයක් හෝ ප්‍රතිචාරයක් නැත” යැයිද ඔහු අවධාරණය කළේය.

මෙන්න දැන් ලැබුණු විශේෂ නිවේදනයක්...පාසල් රැසක් අද සිට දින ගණනාවක් යන තුරු වැසෙයි

මෙන්න දැන් ලැබුණු විශේෂ නිවේදනයක්...පාසල් රැසක් අද සිට දින ගණනාවක් යන තුරු වැසෙයි

අදාළ කාරණා සම්බන්ධයෙන් පැමිණිලි කළ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට ලක්වී තිබීම “පණිවිඩකරුට වෙඩි තැබීමක්” යනුවෙන් විවරණය කරමින්, මෙවැනි තත්ත්වයන් රජයේ දෝෂ සඟවා තබා ගැනීමේ උත්සාහයක් බවද චානක මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම කුඩා ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන මාසයක් පමණ කාලයක් රජය විසින් ආනයනය කර නොමැති බවත්, එය ගුවන් නියමුවන් පුහුණු කරන ආයතන සහ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල කරමින් පවතින බවද ඔහු අවසන් වශයෙන් සඳහන් කළේය. 

පියුමිගේ ක්‍රීම් මමවත් පියුමිවත් ගෑවේ නෑ. හිටපු පෙම්වතා කට අරියි

පියුමිගේ ක්‍රීම් මමවත් පියුමිවත් ගෑවේ නෑ. හිටපු පෙම්වතා කට අරියි

ReeCha