පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්... ඉදිරියේදී කොරෝනා පොකුරු බිහිවීමේ අවධානමක්.

police
By Thaya Jan 12, 2021 11:35 PM GMT
Thaya

Thaya

Report

අද සිට සෞඛ්‍ය නීති පිළිපැදීම පිළිබඳව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එම මෙහෙයුම විශේෂයෙන් බස්නාහිර පළාත තුළ සහ ඒ අවට ප්‍රදේශ ආශ්‍රිත ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා,

“2020 ඔක්තොම්බර් 15 වන දින ගැසට් පත්‍රයේ විශේෂ කාරණාවක් සඳහන් වෙනවා. ඒ විශේෂ කාරණාව වන්නේ, තමන් ආයතන පවත්වා ගෙන යා යුතු ආකාරයයි. කර්මාන්ත ශාලා, සුපිරි වෙළෙඳසැල් ඒ වගේම කාර්යාල මේ ආයතන පවත්වාගෙන යාමේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව. ප්‍රථමයෙන් අත්සෝදන ස්ථානයක් පිළියෙල කර තිබිය යුතුයි. ඇතුළු වන අයගේ උෂ්ණත්වය පරීක්ෂා කළ යුතුයි. ඒ වාගේම නාම ලේඛනයක් පවත්වගෙන යා යුතුයි. ඇතුළත දුරස්ථභාවය රැකෙන අයුරින් කටයුතු කළ යුතුයි. දිනකට කිහිප වතාවක් නිරන්තරයෙන් ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ යුතුයි. මේ කරුණු පිළිබඳ අවදානයෙන් කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම කළමණාකරුවන් සහ අයිතිකරුවන් පරිපාලකයින් විසින් එසේ කටයුතු නොකරන්නේ නම් එය නිරෝධායන රීතින් යටතේ වරදක්.“

අද දිනයේ කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශ හුදකලා බවින් නිදහස් කර ඇති බැවින් ජනතාව වැඩි වශයෙන් නගරයට පිවිසිය හැකි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

එවැනි තත්ත්වයක් තුළ සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් අනු පොකුරු නිර්මාණය වීමේ අවදානයක් පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.