ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ දැනුම්දීමක්.

Sri Lanka LAUGFS Gas PLC Laugfs Gas Price
By Wayomi Jun 29, 2023 04:29 AM GMT
Wayomi

Wayomi

Report

 රට තුළ ගෑස් හිඟයක් ඇති බවට විවිධ ප්‍රචාර පිළිබඳ ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

එහි ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා ප්‍රකාශ කළේ, රට තුළ ගෑස් හිඟයක් ඇති බවට විවිධ ප්‍රචාර පැතිර ගියද වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නොමැති බවයි.

මසකට අවශ්‍ය ගෑස් ප්‍රමාණවත් පරිදි පර්යන්තවල රැස්කර ඇති බව ඔහු අවධාරණය කරනවා.

ගෑස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේ දී මිල සංශෝධනයක් කරන්න අවශ්‍ය වුවහොත් එය සිදුකර පාරිභෝගිකයාට එහි වාසිය ලබාදෙන බවයි.

"මේ කාලයේ අපිට පැමිණි රාශියක් ලැබෙනවා වෙළෙඳපොළෙන් බෙදාහැරීම් නියෝජිතයින්ගෙන්, හොට් ලයින් එකෙන් කස්ටමස්ලා අහනවා ගෑස් නැද්ද ? ගෑස් නැද්ද ? හිඟයක් තියෙනවා නේද ? කියලා. අපිට විසඳගන්න බැරි තරම් ප්‍රමාණයක් කෝල් එනවා. අපිට තියෙනවා නැව් වල එන ගෑස් හම්බන්තොට පර්යන්තයේ ප්‍රමාණවත් තොග මේ වෙනවිට රැස් කරලා තියෙනවා. ඒ වගේම මාබිම තියෙනවා අපේ තොග පර්යන්තයක් එතනත් ප්‍රමාණවත් ගෑස් අපි ළඟ තියෙනවා. මේ දෙකේම රටට අවශ්‍ය තරම් ප්‍රමාණවත් මාසයක අවශ්‍ය ගෑස් අපි ළඟ තියෙනවා. ඒ නිසා මෙතැන ගෑස් හිඟයක් ඇති වීමට කොහෙත්ම හේතුවක් නෑ. අපි වීර්යයක් දරනවා රට තුළ පාරිභෝගිකයාගේ ගෑස් හිඟයකින් තොරව ඉදිරි කාලයේ ඒ සේවාව ලබාදීම සඳහා."  

ReeCha