පූජා නගරයට එන ඔබට විශේෂ පණිවිඩයක්..
එළඹෙන පොසොන් සතිය නිමිති කරගෙන අනුරාධපුර පුද බිමට පැමිණෙන ජනතාවවෙනුවෙන් ජාතික නාමල් උයනේ නිර්මාතෘ හිමි විසින් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ.එහිදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ,
"අනුරාධපුරයට එන ඔබට මම ඉල්ලීමක් කරනවා, වැව් වලින් නාන්න යන්නේ නැතිව ,අනවශ්‍ය විදිහට ඒ තමන්ගේ ගමන ආධ්‍යාත්මික වූ සංවර්ධනයක් ඇති කර ගැනීම සඳහා ගමනාන්තයක් හැටියට පාවිච්චි කරන්න. පරිසරය අපිරිසිදු කරන්න එපා.ඒ වගේ විශේෂයෙන් අපේ රජරට ප්‍රදේශයේ ඔලුබක්කන් නැටීම, ඒ වගේම හොල්මන් මන්දිරය පැවැත්වීම වැනි දෑ සම්පූර්ණයෙන්ම නතර කරන්න කියලා ඉල්ලීමක් කරනවා.ක ආධ්‍යාත්මික වූ, මිනිසාගේ මනස පිරිසුදුව හදවතට එකඟව ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරගන්නා වූ දවසක් හැටියට පොසොන් පෝය අපි පාවිච්චි කළ යුතුව තිබෙනවා යැයි යනුවෙනි."
අද පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ උන්වහන්සේ,
"මේ පොසොන් පෝය කියලා කියන්නේ රජරටට විශේෂිත වූ, සුවිශේෂී වූ දිනයක්, ඒ කියන්නේ මිහින්තලය කේන්ද්‍ර කර ගෙන අටමස්ථානය ඇතුළු මේ අනෙකුත් ප්‍රදේශ වන්දනාමාන කරන්න බැතිමතුන් විශාල පිරිසක් ලංකාවේ සිව් දිගින් පැමිණෙන දවසක්, මේ අයට පහසුකම් සැපයීම රජයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහ අනෙකුත් ස්වෙච්ඡා සංවිධාන ,අටමස්ථානය ඒ වගේම මිහින්තලේ ,ඒ වගේම ඔබ ආරක්ෂාව සැපයීම මේ සියලු දේවල් කළ යුතුයි රජය සහයෝගය ලබා දිය යුතුයි,වගේම අපේ සහයෝගයත් මේ සඳහා ලබාදිය යුතුයි කියන තැනයි මම ඉන්නේ.
මොකද හේතුව තමයි මේ පොසොන් පෝය දවස ඉතාමත්ම වැදගත් නිසා විශේෂයෙන් අපේ රටේ ජනතාවට දෙන්න තියෙන එකම උපදේශය තමයි පරිසරය විනාශ කරන්නේ නැතුව, පොලිතින් දාලා මේක විනාශ කරන්නේනේ නැතිව, අපද්‍රව්‍ය දාලා විනාශ කරන්නේ නැතුව, මේක ආරක්ෂා කර ගැනීම අපේ කාර්යභාරය, අපේ වගකීමක් ඒක විශේෂයෙන් දැන් නාමල් උයන ළඟින් තමයි අනුරාධපුර රජරට ඇතුල්වීම ප්‍රවේශ වීම පටන් ගන්නේ.
ඉතින් අපි නිරන්තරයෙන්ම එන ජනතාව දැනුවත් කරනු ලබනවා පොලිතින් අපද්‍රව්‍ය ගේන්න එපා කියලා. මේ සියල්ලම ගෙනල්ලා අපද්‍රව්‍ය මිනිස්සු එහෙම්මම දාලා යනවා, ඒකට හොඳ උදාහරණයක් දළදා ප්‍රදර්ශනය, විශාල අපද්‍රව්‍ය තොගයක් මහනුවර දාලා ගිහිල්ලා විශාල වශයෙන් කැපවීම් කරලා , රාජ්‍යය ආයතන, ස්වෙච්ජා සංවිධාන කැපවීම් කරලා තමයි පරිසරයේ තිබුණු තත්වයට, යථා තත්ත්වයට ගෙනාවේ. ඉතින් ඒක නිසා අනුරාධපුරයට එන ඔබට මම ඉල්ලීමක් කරනවා, වැව් වලින් නාන්න යන්නේ නැතිව ,අනවශ්‍ය විදිහට ඒ තමන්ගේ ගමන ආධ්‍යාත්මික වූ සංවර්ධනයක් ඇති කර ගැනීම සඳහා ගමනාන්තයක් හැටියට පාවිච්චි කරන්න. පරිසරය අපිරිසිදු කරන්න එපා.
ඒ වගේ විශේෂයෙන් අපේ රජරට ප්‍රදේශයේ ඔලුබක්කන් නැටීම, ඒ වගේම හොල්මන් මන්දිරය පැවැත්වීම වැනි දෑ සම්පූර්ණයෙන්ම නතර කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ කියන්නේ මේක ආධ්‍යාත්මික වූ, මිනිසාගේ මනස පිරිසුදුව හදවතට එකඟව ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරගන්නා වූ දවසක් හැටියට පොසොන් පෝය අපි පාවිච්චි කළ යුතුව තිබෙනවා. ඉතින් ඒක නිසා මම ලංකාවාසී සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ පරිසරය කොහොම වෙතත් පරිසරය අපිරිසිදු කරන්න එපා. පරිසරය ගැන නිරන්තරයෙන් ආදරේ කරන මිනිස්සු හැටියට පරිසරය ගැන අවබෝධයක් තියෙන මිනිස්සු හැටියට මම ආරාධනා කරනවා සියලුම දෙනාට අඩුම තරමේ ටොෆි කොළයක්වත් තමන් ගත කරන කාල සීමාව තුළ පොළවට දමන්නේ නැතුව ඒක නැවත අපද්‍රව්‍ය එකතු කරාගෙන ගිහිල්ලා , අප ද්‍රව්‍ය විනාශ කරන තැනකට දාන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම බජව් දැමීම, සින්දු කීම, ඒ වගේම බයිසිකල්වල යන කොට මේ සියලු දෙනා බොහොම සුරක්ෂිත භාවයෙන්, තමන්ගේ වගකීම, තමන් යන්නේ කොහාටද ?
තමන් මොකද්ද කරන්නේ කියන එක අවබෝධ කරගෙන කටයුතු කිරීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද අපිට පේනවා මෝටර් සයිකල් වල තරුණ තරුණියන් විශාල වශයෙන් මේ වටේ යනවා, ඒ යන කොට අනතුරු වෙන්න පුලුවන්, ඒ වගේම මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින්ම ගමන් බිමන් යන්න යන අය ඉන්නවා, ඉතින් ඒක නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා මම බොහෝම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා, ඔබගේ ආරක්ෂාව ඔබ විසින්ම සපයා ගත යුතුව තිබෙනවා. ඒක නිසා රජය සම්පූර්ණයෙන්ම ඔබට ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා, වගේම සියලුම ස්වෙච්ජා සංවිධාන ආගමික නායකයෝ මේ පොසොන් පෝය වෙනුවෙන් තමන්ගේ යුතුකම් කොටස ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා, ඉල්ලීමක් කරනවා තමන්ගේ කටයුත්ත නිසි පරිදි කරන්න කියලා. රජරට කියන්නේ වැව් බැඳි රාජ්‍යය, මේකේ ඇළවල්, දොළවල් , විශාල වැව් ප්‍රමාණයක් තියෙනවා මේවායේ මිනිස්සු කිසිම තරාතිරමක් සොයා බැලීමකින් තොරව ගිහිල්ලා නාන්න පටන් ගන්නවා. ඒ වගේම මත්පැන් පාවිච්චි කරලා නානවා.
ඉතින් මේක එතරම් හොඳ මදි, තමන්ගේ ඒකයි තමන්ගේ ජීවිතය ගැන ආරක්ෂා කර ගැනීම කණ්ඩායම් වශයෙන් යන පිරිසගේත් ඒ කණ්ඩායම නායකයින් තමන්ගේ යන පිරිස ආරක්ෂා කර ගැනීම තමන්ගේ වගකීම මොකද ජීවිත හානි වෙන්න බොහෝ විට ඉඩ තියෙනවා . නොවෙනවා කියලා කියන්න බෑ පසුගිය වකවානුවක් අවුරුදුවලත් එහෙම බහුල වශයෙන් සිද්ධ වුණා,මෙවරත් එවැනි දේ සිද්ධ වෙන්නේ නැතිව තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සපයා ගන්න කියලා මම මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා"
යනුවෙනි.
