විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට පොදු සමා කාලය ගැන විශේෂ නිවේදනයක්..!

Sri Lanka Dubai Department of Immigration & Emigration Foreign Employment Bureau Latest Headlines
By Sewvandhi Oct 22, 2024 12:53 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කරන්නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බවයි.

එබැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් නිකුත් කරනු ලබන පිටවීමේ සහතිකය ලබාදීම සඳහා කාලයක් ගතවන බැවින් වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් නොමැති හෝ ගුවන් ගමන් බලපත්‍රය තමා සන්තකයේ නොමැති ශ්‍රී ලාංකිකයින් මේ මස 25වන දින හෝ ඊට ප්‍රථම තමන්ට ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය තාවකාලික ගමන් ලියවිල්ල (TTD) සඳහා අයදුම් කිරීමට පැමිණෙන ලෙස දැනුම්දෙයි.

සිසු සිසුවියන්ගේ ඇස් උඩ යන ආරංචියක්..ප්‍රශ්න පත්‍ර මාරු වෙලා..

සිසු සිසුවියන්ගේ ඇස් උඩ යන ආරංචියක්..ප්‍රශ්න පත්‍ර මාරු වෙලා..

එසේම මෙම පොදු සමා කාලය තුළ, සහාය අවශ්‍ය ශ්‍රී ලාංකිකයින් සඳහා සේවාවන් සැපයීමට කොන්සල් ජනරල් කාර්යාලය කැපවී සිටින බව දැනුම්දී තිබේ.

පොදු සමා කාලය ප්‍රයෝජනයට ගෙන වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට නීත්‍යානුකූල වීසා බලපත්‍ර සකස් කරගන්නා ලෙස ද දන්වා තිබේ. එමෙන්ම එසේ නොහැකි ශ්‍රී ලාංකිකයින් ආරක්ෂාකාරීව නැවත ශ්‍රී ලංකාවට යාමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස කොන්සල් ජනරාල් කාර්යාලය වැඩිදුරටත් ඉල්ලා සිටී.

දැනෙන ගානකින් අඩු වෙයිද.. සහල් මිල ගැන ඇහෙන අලුත්ම ආරංචිය..

දැනෙන ගානකින් අඩු වෙයිද.. සහල් මිල ගැන ඇහෙන අලුත්ම ආරංචිය..