මාස 5ක බිලිඳෙක් කුලී නිවසේ තනිකර දමා මව පියා රහසේම පැන යයි. - දුරකථන ඇමතුමෙන් හෙළි වූ දේ මෙන්න.

Sri Lanka Police
By Wayomi Feb 25, 2024 06:16 AM GMT
Wayomi

Wayomi

Report

මාස 5 ½ වයසැති බිලිඳෙක් වතු නිවාසයේ කාමරයක් තුළ දමා පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගලහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මඩකලපුව වාකරේ ප්‍රදේශයේ සිට ගලහා ලූල්කඳුර ප්‍රදේශයේ වතු නිවාසයකට තාවකාලික පදිංචියට පැමිණි තරුණ යුවළක් බිලිඳාව මෙලෙස දමා ගොස් ඇති අතර ඔවුන් මීට සති දෙකකට පමණ පෙර වෙනත් කාන්තාවකගේ ආධාරයෙන් කුඩා බිළිඳෙකුද සමග එම වත්තේ තාවකාලික පදිංචියට පැමිණ ඇත.

ඔවුන් එහි සිටියදී හඳුනාගත් වෙනත් පුද්ගලයෙකුට දුරකථන මගින් දැනුම් දී ඇත්තේ ඔවුන් දෙදෙනා විදේශගත වන බවත් ඔවුන් රැගෙන ආ කුඩා බිළිඳා ඔවුන් සිටි කාමරයේ සිටින බවත් එම බිළිඳා හදා වඩා ගැනීම සඳහා කිසිවෙකුට හෝ ලබාදෙන ලෙසත්ය.

ReeCha