වැඩිහිටියන් විදිහට කුඩා දරුවන් ගැන කොපමණ සැලකිලිමත් ද?. කොළඹ දී බසයක අතරමන් වුණ කුඩා දරුවෙක්ට සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Sep 22, 2023 01:01 PM GMT
krishani

krishani

Report

අද (22) බස් රථයක ගමන් කළ කුඩා දරුවෙකුට සිය ඥාතීන් මගහැරී බස් රථයේ අතරමං වූ පුවතක් වාර්තා වේ.

මෙම සිදුවීම කිරුළපන ප්‍රදේශයෙන් වාර්තා වූයේ.

කොළඹ කෞතුකාගාරය නැරඹීමට මෙම කුඩා දරුවා ඥාතීන් පිරිසක් සමග පැමිණ තිබෙනවා.

මාර්ග අංක 138 බස් රථයක නැගී මොවුන් කෞතුකාගාරය ආසන්නයේ දී එම බස් නැවතුම්පොළෙන් බැස ඇත.

එහිදී ඔවුන්ට දරුවා මගහැරී ඇති අතර සිය ඥාතීන් බස් රථයෙන් බැස තිබෙනවා.

ඒ බව නොදත් දරුවා ධාවනය වෙමින් තිබූ බස් රථයේ මද දුරක් ගොස් ඇති අතර පසුව ඥාතීන් බස් රථයේ නොමැති බව දැනගත් දරුවා හඬා ඇත.

ඒ හේතුවෙන් බස් රථයේ සිටි මගීන් සහ කොන්දොස්තරවරයා එක්ව දරුවා කිරුළපන පොලිස් ස්ථානයට භාර දී තිබෙනවා.

කුඩා දරුවා මගහැරී ඇති බව වැටහුණු ඥාතීන් දරුවා සොයා බස් රථය ගිය මාර්ගයේ ඉදිරියට පැමිණීමට කටයුතු කර ඇති අතර ඒ අනුව ඔවුන් කිරුළපන පොලිස් ස්ථානය වෙත පැමිණ දරුවා භාරගෙන ඇත.

කෙසේ වෙතත්, බස් රථයේ ගමන්කළ මගීන්ගේ සහ කොන්දොස්තරවරයාගේ සැලකිලිමත්භාවය හේතුවෙන් සිදුවන්නට ගිය අනතුරක් මෙලෙස වැළකී ගියේ ය.

ReeCha