පාසල් සිසුවියක් ඩෙනිම් කලිසමක් සහ ටී ෂර්ටයක් ඇඳගෙන ඉස්කෝලේ ඇවිත් - කේන්ති ගිය විදුහල්පති කළ දෙයින් දැරිය රෝහලේ.. අපහසුතාවයට පත් දැරිය ඉස්කෝලේ යන එකත් ප්‍රතික්ෂේප කරලා..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Hospitals in Sri Lanka Sri Lankan Schools
By krishani Oct 18, 2023 02:30 AM GMT
krishani

krishani

Report

කෑගල්ල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුගේ පහර දීමෙන් පාසල් සිසුවියක් ඉකුත් 16 වෙනිදා රෝහල්ගත කර තිබෙනවා. 

මෙලෙස පහර දීම සිදුකර ඇත්තේ ලෝක ළමා දින උළෙලට ඇඳීමට අලුත් ඇඳුමක් නොමැති නිසා ඩෙනිමකින් සහ ටී ෂර්ටයකින් පාසලට පැමිණි සිසුවියක්ට ය.

පසුගිය ලෝක ළමා දින සැමරුම් උත්සවයේ දී පාට ගවුම් ඇඳගෙන පාසලට පැමිණෙන ලෙස කෑගල්ල ප්‍රදේශයේ පාසලක ආචාර්ය මණ්ඩලය විසින් සිසුන් වෙත දැනුම් දී තිබෙනවා.

නමුත් අදාළ සිසුවියකට අලුත් ගවුමක් නොමැති හේතුවෙන් ඩෙනිමකින් සහ ටී ෂර්ටයකින් පාසලට පැමිණ තිබෙනවා.

ඒ අවස්ථාවේ දී සිදු වූ අපහසුතාවය හේතුවෙන් නැවත ඇය පාසල් යාමට අකමැත්ත පළ කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඇයගේ මව කෑගල්ල කලාප කාර්යාලයට ගොස් පැමිණිලි කර ඇත.


ReeCha