ක්‍රිකට් පිති ප්‍රහාරයකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්වෙයි(PHOTO).

Accident Death Education
By Aruna May 01, 2024 04:22 AM GMT
Aruna

Aruna

Report

ක්‍රිකට් පිත්තක් සම්බන්ධයෙන් සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිසුවෙකු ක්‍රිකට් පිත්තකින් තවත් සිසුවෙකුට පහර දී එම සිසුවා ජීවිතක්ෂයට පත් වී තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ 13 හැවිරිදි නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් බවයි වාර්තා වන්නේ.

පොලීසිය ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් පහර දීම සිදුකළ සිසුවා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම පහර දීම සිදුකර ඇත්තේ, ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ දී ඔවුන් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමේන් බවයි, පොලිසිය ප්‍රකාශ කළේ.

Gallery