කොවිඩ් එන්නත ගන්න මවත් සමග පැමිණි පාසල් සිසුවියට වුණු දේ....
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට මව සහ නැගණිය සමගින් කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා පැමිණි 18 හැවිරිදි පාසල් සිසුවියක් පෙම්වතා සමගින් පැන ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය පවසනවා.
කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය ඊයේ (18) පෙරවරුවේ තමන් සමගින් රෝහලට පැමිණි බවත්, එම අවස්ථාවේදී වැසිකිළියට යන බව කියමින් ගිය දැරිය තනිව ගිය බවත්, පසුව ඇය ගැන කිසිදු තොරතුරක් අනාවරණය නොවූ බවත්, කියමින් ඇයගේ මව විසින් ඊයේ දහවල් බොරැල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශයට පැමිණිල්ලක් කර තිබුණා.
බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් රෝහලට ගොස් කළ සොයාබැලීමේදී දැන ගැනීමට ලැබුණේ මෙම දැරිය කිසිවෙකු හා දුරකතනයෙන් කතා කරමින් ඉක්මනට එනවා ඉක්මනට එනවා ටිකක් ඉන්න යැයි කියමින් දිව යන ආකාරය රෝහලේ ආරක්ෂක නිලධාරියෙකු දැක ඇති බවයි.
වැඩිදුර විමර්ශනයේදී සමාජ මාධ්‍ය මගින් තමන් හා සම්බන්ධයක් ඇති කරගත් තරුණයෙකු හා දැරිය පැනගොස් ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |