කාලගුණයෙන් රතු නිවේදනයක්. - අඩුවෙන දවස ගැනත් දැනුම්දීමක්.

Department of Meteorology Weather
By Wayomi May 19, 2024 08:07 AM GMT
Wayomi

Wayomi

Report

අද දහවල් 12.00න් පසු නැවත දැනුම්දෙන තුරු කුඩා යාත්‍රා ධීවර කටයුතු සඳහා යොමුවීමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා කියා සිටියේ,මුහුදු ආශ්‍රිත පවතින කාලගුණ විපර්යාස සැලකිල්ලට ගනිමින් එම දැනුම්දීම සිදුකරන බවයි.

වැඩිම වර්ෂාපතනය

මේ අතර ගතවූ පැය 24 තුළ මිලිමීටර් 212.5ක වැඩිම වර්ෂාපතනය වාර්තාවුණේ පුත්තලම දිස්ත්‍රික්කයෙන්.

ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ සෑම පළාතකටම දැඩි වැසි ඇදහැලෙමින් පවතී.

බස්නාහිර සහ වයඹ පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවූ වැසි ඇදහැලුණු අතර සබරගමුව, දකුණු, මධ්‍යම හා උතුර පළාත්වලට මිලිමීටර 100 ඉක්මවා වැසි ඇදහැලුනු අතර උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලටද මේ වන විට වැසි ඇද හැලෙමින් පවතී.

අවදානම් තත්වය

මේ අතර අධික වර්ෂාවත් සමඟ රාජාංගණය, අංගමුව සහ උල්හිටිය යන ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට ඊයේ (18) පස්වරුවේ පියවර ගැනුනා.

එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, කැලණි ගඟ, මහවැලි ගඟ, නිල්වලා ගඟ සහ ගිං ගඟ ආශ්‍රිත පහත්බිම් ගං වතුර අවදානමට ලක් විය හැකි බවත්, දැඳුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, බෙන්තර ගඟ, කිරම ඔය, ඌරු බොකු ඔය, කලා ඔය, මල්වතු ඔය ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම්ද ගංවතුර අවදානමකට මුහුණ පා ඇති බවත්ය. මේ අතර බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

කාලගුණික වෙනස්වීම

ඒ අනුව ඉදිරි පැය 24 තුළ දිවයිනේ පළාත් රැසකට දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.

මේ අතර පවතින වැසි තත්ත්වය අඟහරුවාදායින් පසුව අඩුවිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.


Gallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%