'සියලුම රටේ ප්‍රශ්න දැන් ඉවරයි - ඩයස්පෝරාවට දීපු පොරොන්දුවක් ඉෂ්ට කළා' - මහින්ද යන්න යයි

Report

ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද (ඉවත් කිරීමේ) පනත බහුතර ඡන්දයකින් සම්මත වීමත් සමඟ රජයේ නිල නිවාසවල රැඳී සිටින හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එම නිවෙස්වලින් ඉවත් වීමට සිදු වී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසුවේ, හිටපු ජනාධිපතිවරයා අද (11) නිල නිවසින් පිටව ගිය බවට..

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

ඔහු එම නිවසින් ඉවත් වී තංගල්ලේ පිහිටි කාල්ටන් නිවස බලා යෑමට අපේක්ෂා කරන බවත් මනෝජ් ගමගේ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත්, නිවස රජය වෙත භාර දීම සඳහා සතියක පමණ කාලයක් ගත වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

“එකට වගේ ගෙදරින් පිට වෙනවා. අපි නිවස භාර දෙන්නේ සතියකින්. අර ඉන්වෙන්ට්‍රි ටික ඔක්කොම සම්පූර්ණ කරලා. සර් අද තංගල්ලට යනවා නිල නිවසින් ඉවත්වෙලා.

මං හිතන්නේ හෙටින් පස්සේ මේ රට සුඛිත මුදිත වෙනවා. හෙටින් පස්සේ ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් අඩු කරලා විදුලි බිල අඩු කරයි, පෙට්‍රල් මිල අඩු කරයි, පොල් ගෙඩියේ මිල අඩු කරයි, හාල් මිල අඩු කරයි…

සියලු ම රටේ ප්‍රශ්න මම හිතන්නේ අදින් පස්සේ විසඳෙයි. ඡන්ද පොරොන්දුව මේ රටේ ජනතාවට නෙවෙයි එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවට දීපු පොරොන්දුවක් ඉෂ්ට කළා අද දවසේ.” 

හිටපු ජනපති චන්ද්‍රිකාත් සූදානම්.. මෛත්‍රී දැනටමත් නිල නිවසින් ගිහින්

හිටපු ජනපති චන්ද්‍රිකාත් සූදානම්.. මෛත්‍රී දැනටමත් නිල නිවසින් ගිහින්

මේ අතර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද කොළඹ පිහිටි නිල නිවසින් ඉවත් වී හොරගොල්ලේ පිහිටි සිය පෞද්ගලික නිවස වෙත යන බව ඇගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන්ට ඩුබායි සිට මරණ තර්ජන

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන්ට ඩුබායි සිට මරණ තර්ජන