පාසල් ආරම්භයෙන් පසු ළමයින් සහ ගුරුවරුන් මුහුණ දිය යුතු බරපතලම ප්‍රශ්නය..?

By Sewvandhi Oct 16, 2021 12:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉදිරියේදී පාසල් ආරම්භ කිරීමත් සමග ගුරුවරයා සහ සිසුවා අතර පෙර පැවති සබඳතාව සහ අධ්‍යාපන ඉලක්ක සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස ඉක්මන් බලාපොරොත්තුවීම් සිදු නොකළ යුතු බවත් පෙර පැවති තත්ත්වය උදා කර ගැනීමට සූදානම් වීම සඳහා යම් කාලයක් ගත වනු ඇති බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, සායනික මනෝවිද්‍යාඥ ලේඛා අත්තිඩිය මහත්මිය පවසයි.

ඇය සඳහන් කළේ, ඉගැන්වීම සහ ඉගෙනගැනීම්හි සාර්ථකත්වය පෙර තිබූ තත්ත්වයට පත් කර ගැනීම සඳහා ගුරු - සිසු දෙපාර්ශව පිළිබඳව ම විවෙිචනය නොකර අනෙකුත් සියලු දෙනා ඔවුන්ට අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට සහය දිය යුතුව ඇති බව ය. ඇය මේ බව සඳහන් කළේ, අද (ඔක්.15) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මාධ්‍යවේදියා:

පහුගිය කාලේ ගුරු දෙගුරු සිසු සම්බන්ධතා හරියට තිබුණේ නෑ. ගුරු ප්‍රතිරූපය ගැන අපි විවිධ දේ කතා කළා. ආයෙත් අර පෙර පුරුදු ගුරුවරයා ම පන්තියට ඇවිල්ලා ඒ විදියට ම අධ්‍යාපන කටයුතු කරාවි කියලා බලාපොරෙත්තු වෙන්න පුළුවන් ද?

මනෝවිද්‍යාඥවරිය:

"අපි හැමෝම තේරුම්ගන්න ඕනෑ හරි ම Ideal situation බලාපොරොත්තු නොවී මේ ගමන ආරම්භ කරනවා නම් හොඳයි. මොක ද ගුරුවරුන් අපි වගේ ම මිනිස්සු කණ්ඩායමක්. එතකොට ඒගොල්ලොත් එන්නේ ලොකු ප්‍රෙෂර් එකක් එක්ක. එයාලටත් task එකක් තියෙනවා කරන්න. දරුවා ඉගෙන ගන්නවා ගුරුවරයා උගන්වනවා. හැබැයි මේ කාටවත් හොඳ ම performances පෙන්වන්න බැරි වේවි. පොඩි කාලයක් අපි මේක සූදානම් වෙවී යන්න වෙනවා.

ගියපු ගමන් ම අපිට තිබුණු setup එක ඒ විදියට ම ලැබෙන්නේ නැහැ. මේක අපි හැමෝම පිළිගන්න වෙනවා. මේක පිළිිගන්නේ නැතිව විවේචනය කරන්න ගියොත් එහෙම අපි හැමෝම අමාරුවක. අපේ තියෙන ලොකු ම දුර්වලකමක් තමයි අපි හැම වෙලාවේ ම ඍණ පැත්ත තමයි highlight කරන්නේ. එහෙම කරලා ඉතුරු ටිකත් නැති කර ගන්නවා. Ideal situation පැත්තක තියලා අපි යන ගමනට හැමෝම පොඩි උදව්වක් දෙන්න ඕනෑ. ලොකු බලාපොරොත්තු වීම් නැතිව ප්‍රායෝගිකව මිනිසුන්ට කරන්න පුළුවන් තත්ත්වය බලාපොරොත්තු වෙන්න ඕනෑ. ඒකට මනස හදාගෙන උදව් කළොත් මේ ගමන යන්න පුළුවන්."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now