නඩු විභාගයක් පැවැත් වෙද්දි සැකකරුවෙක් එකවරම කඩා පැන තරුණ නීතිඥවරියකගේ බෙල්ල මිරිකලා.. - එහිදී සිදු වූ දේ..
ගලගෙදර මෙහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙමින් තිබෙන අවස්ථාවේ සිර මැදිරියෙන් පිටතට පැමිණි සැකකරුවෙකු විසින් අධිකරණ පරිශ්‍රයේ සිටි තරුණ නීතිඥවරියකගේ ගෙළ සිර කිරීමට තැත් කර තිබෙනවා.
සැකකරු 26 හැවිරිදි ගලගෙදර කලුවාන ප්‍රදේශයේ පදිංචි ලලිත් සමන් කුමාර නමැත්තෙක් ය.
ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා රැගෙන පැමිණ ඇත්තේ මත්ද්‍රව්‍ය ලග තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ය.
සැකකරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අයෙකු ද වන බව වාර්තා වේ.
එහිදී බන්ධනාගාර නිළධාරින් විසින් විභාගයට ගැනීමට තිබූ නඩුවක සකකරුවෙකු සිර මැදිරයෙන් පිටතට ගැනීමට උත්සාහ කර තිබෙනවා.
ඒ අවස්ථාවේදී මොහු ඉන් පැන අසළ සිටි තරුණ නීතීඥවරියගේ ගෙළ සිරකිරීමට තැත්කර ඇත.
එම අවස්ථාවේ දී එහි සිටි පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව මෙල්ල කර අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට මුහුණ දුන් නීතිඥවරිය සුළු තුවාල ලබා ඇත.
පසුව ඇය ප්‍රතිකාර සඳහා ගලගෙදර දිසා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, සැකකරු 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
