"සිසුන්ට පන්ති කාමරයේ නිදාගන්න ඕන නම් මුදල් ගෙවන්න.." - දෙමාපියනුත් කම්පාවට පත් වෙලා..
By krishani
පෞද්ගලික පෙර පාසලක දිවා ආහාරයෙන් පසු නිදා ගැනීම සඳහා සිසුන්ගෙන් මුදල් අය කිරීමට තීරණය කළ පුවතක් චීනයේ Guangdong පළාතෙන් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් එම පෙර පාසලේ දෙමාපියන් ද දැනුවත් කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව පාසල් මේසය මත හිස තබා නිදා ගැනීම වෙනුවෙන් දරුවන්ට ඉන්දීය රුපියල් 2275ක් ගෙවීමට සිදු වන බවයි.
එමෙන්ම පන්ති කාමරයේ බිම නිදා ගැනීමට ඉන්දීය රුපියල් 4,049ක් ගෙවීමට සිදුවන අතර වඩාත් සුවපහසු මෙට්ටයක නිදා ගැනීමට ඉන්දීය රුපියල් 7,856ක් ගෙවිමට සිදුවන බවයි.
මෙම තොරතුරු දැනගත් දෙමාපියන් කම්පාවට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රවෘත්ති පැතිර ගොස් විවේචන ද එල්ල වී තිබෙනවා.