ළිඳට පැන්න 28 හැවිරිදි ගැබිනිය ළිඳ තුළම දරුවා බිහිකරයි..

Police Pregnant women Keagalla Rabukkana
By Aruna Jun 15, 2021 02:21 AM GMT
Report

 රඹුක්කන, පත්තම්පිටිය, කෙම්පිටිවත්ත ප්‍රදේශයේ ගැබිනියක් ළිඳකට පැනීම නිසා කුසෙහි සිටි බිළිඳා මිය යාමේ කනගාටුදායක පුවතක් වාර්තා වේ.

මෙසේ සිය දිවි හානි කර ගැනීමට තැත් කර ඇත්තේ 28 හැවිරිදි සදාසිවම් ශ්‍රී කුමාරි යන කාන්තාවකි. පෙරේදා (13දා) සවස එම කාන්තාව නිවසේ නොසිටි බැවින් නිවැසියන් ඇය සොයන විට නිවසට මඳක් දුරින් වූ අනාරක්ෂිත ළිඳකට වැටී සිටිනු දැක තිබේ.

පසු අවට නිවෙස්වල අයගේ උපකාර මත ඇය රෝහල වෙත රැගෙන ගිය බව ඇයගේ වැඩිමහල් සොහොයුරිය පැවසුවාය.

ඇය රෝහල වෙත ගෙන ගිය පසු කුසෙහි සිටි දරුවා ළිඳ තුළදී බිහි කළ බව පැවසීමෙන් පසු බිළිඳා සෙවීමේ කටයුතු ඊයේ දිනයේදී (14දා) සිදු කළ බවද සොහොයුරිය පැවැසීය.

ඇයගේ ස්වාමි පුරුෂයා මැදපෙරදිග රැකියාවක නියුතු අයෙකි.

සවස 3.00ට පමණ දරුවාගේ මළ සිරුර ගොඩගන්නා ලද බවත් එම මෘත දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා කෑගල්ල රෝහල වෙත ගෙන ගිය බව රඹුක්කන පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. මැල්කම් පේට් පවසයි.

මෙම බිළිඳාගේ මරණය සම්බන්ධයෙන් හා මව සියදිවි හානි කර ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ රඹුක්කන පොලිසිය විසින් සිදු කරන බව මැල්කම් පේට් මහතා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now