මාලිමාවේ පහරදීමකින් පොහොට්ටුවේ අපේක්ෂකයෙක් වහාම රෝහල් ගත කරයි..වාහනෙත් නතර කරලා කරලා තියෙන දේ..

Nuwara Eliya Sri Lanka Podujana Peramuna Latest Headlines AKD
By Sewvandhi Oct 19, 2024 01:39 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයට වලපනේ අසනයෙන් තරග වදින අපේක්ෂක නන්දසේන වීරසිංහට ජාතික ජන බලවේගය නියෝජනය කරන ආධාරකරුවන් පිරිසක් විසින් තර්ජනය කර, පහරදීමක් සිදු කර තිබෙනවා.

මෙම ප්‍රහාරයට ලක්වීමෙන් තුවාල ලත් අපේක්ෂක නන්දසේන වීරසිංහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර මෙම සිදුවීම පිළිබඳව වලපනේ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

එමෙන්ම, මෙම සිදුවීම පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිතුමා වෙතද හිටපු අමාත්‍ය සී.බී.රත්නායක විසින් දැනුම් දී තිබෙනවා.

පහර කෑමට ලක් වූ නන්දසේන වීරසිංහ සිදුකළ පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ, වලපනේ ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටියදී, ජාතික ජන බලවේගයේ සලකුණ සහිත ටී ෂර්ට් වලින් සැරසී සිටි පිරිසක් වීරසිංහගේ රථය නවත්වා පරුෂ වචනයෙන් බැණ වදිමින් මෙය මාලිමාවේ රජයක් බවත්, අපට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කිරීමට බලය ලබා දී ඇති බවටත් ප්‍රකාශ කරමින් මෙම පහරදීම සිදු කල බවයි.