හොර සහතික දුන් පොලිස් කොස්තාපල්.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Magistrate Court
By Hashini
ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර පොලිස් සේවයට බැඳුණු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 15ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
මහවිලච්චිය පොලිසියට අනුයුක්තව සේවය කළ ආධුනික පොලිස් කොස්තාපල් රියදුරකු මෙලෙස ඇප මත මුදාහැර ඇත.
2012 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මෙලෙස ව්‍යාජ ලෙස සකසා ඇති බව අනාවරණය වූ බව පොලිසිය පවසනවා.
කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් මෙම සම්බන්ධව විමර්ශන සිදු කරනු ලබනවා.
