දරුවට කන්න දෙනකොටම පාන් ගෙඩිය ඇතුළේ බීඩි කොටයක් - පාන් කන එකත් නතර කළ පාන් ගත්ත අම්මා.. (PHOTO)
By krishani
ඊයේ (22) මාතර - පඹුරණ දර පෝරණු පාන් විකුණන වෙළෙඳසලකින් ගත් පාන් ගෙඩියක් තුළ බීඩි කොටයක් තිබී හමු වී ඇත.
පඹුරණ ප්‍රදේශයේම කාන්තාවක් අදාළ වෙළෙඳසලින් ගත් පාන් ගෙඩියක් නිවෙසට ගෙනැවිත් ඇත.
පසුව ඇය ඇගේ දරුවාට කෑමට දුන් විට මෙම බීඩි කොටය හමු වුණ බව ඇය කියා තිබෙනවා.
අදාළ කාන්තාව නැවත මෙවැනි දේවල් නොවීම සඳහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ද මේ බව දැනුම් දී ඇති අතර ඇය නැවත පාන් කෑම ද ප්‍රතික්ෂේප කර ඇත.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සෞඛ්‍ය අංශ විසින් සිදු කරනු ලබයි.