ගවයින් 05 ක් කැබ් රථයකින් හිංසාකාරී ලෙස ප්‍රවාහනය කළ අයෙක් කොටුවෙයි..(VIDEO)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna Sep 11, 2023 06:57 AM GMT
Aruna

Aruna

Report

බලපත්‍ර නොමැතිව පීඩාකාරී ලෙස කැබ් රථයකින් මස් පිණිස ගවයින් 05 දෙනෙකු ප්‍රවාහනය කළ මුස්ලිම් ජාතිකයකු එප්පාවල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, නාච්චාදූව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

රත්මල්වැටිය සිට නාච්චාදූව දක්වා මෙම ගවයින් 05 දෙනා පීඩාකාරී ලෙස ප්‍රවාහනය කරමින් සිටියදී ලද තොරතුරක් මත එප්පාවල පොලිස් ස්ථාන නිළධාරීන් විසින් රොට වැව ප්‍රදේශයේදී බොලෙරෝ වර්ගයේ කැබ් රථය නවතා පරික්ෂා කර ඇත.

එහිදී ගවයින් දැඩි ලෙස පීඩාකාරීව අදාළ කැබ් රථයේ පටවා තිබෙන අයුරු නිරීක්ෂණය වී ඇත. එහිදී කැබ් රථයේ රියදුරුගෙන් කළ විමසීමකදී කියා ඇත්තේ ගවයින් මස් පිණිස රැගෙන යන බවයි.

නමුත් එම ගවයින් ප්‍රවාහනය සඳහා බලපත්‍ර හෝ කුවිතාන්සි ඉදිරිපත් කිරීමටද රියදුරට නොහැකි වී ඇති අතර පොලීසිය සැකකරු හා ගවයින් මෙන්ම කැබ් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මස් පිණිස ප්‍රවාහනය කරමින් තිබූ එම ගවයින් එප්පාවල පොලිස් ස්ථානයේ ක්‍රීඩාපිටියේ තැන තැන ගැට ගසා ඇත්තේ ගවයින් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි බැවින් ඔවුන්ට ආහාර හා ජලය ලබා දෙමින්ය.

අත්අඩංගුවට ගත් සැකකරු අද (11) තඹුත්ත‌ේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

එප්පාවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඊ.අයි.එස් ඒකනායක මහතාගේ උපදෙස් මත, අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති එස්.ඩබ්.පී.ආර් ජයම්පති, පොලිස් සැරයන්වරුන් වන 46664 සාගර, 68606 එරංග, පොලිස් කොස්තාපල් 105237 සමීර යන නිළධාරීන් වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.


GalleryGalleryGalleryGalleryGallery
ReeCha