රට යන්න ඉන්න අය මේ ගැන දැඩි විමසිල්ලෙන් ඉන්න..(PHOTOS)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Sri Lanka Foreign Employment Bureau
By Aruna Sep 11, 2023 02:46 AM GMT
Aruna

Aruna

Report

දෝහා කටාර් රාජ්‍යයයේ විදේශ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ එප්පාවල, එළියදිවුල්වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් පෙරේදා (09) පස්වරු‌වේ අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලද පැමිණිලි 06 ක් මත විමර්ශන සිදු කළ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිතී අංශය මගින් අදාළ සැකකරු එප්පාවල, එළියදිවුල්වැව ගම්මානයේ පිහිටි නිවසේ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි.

අදාළ දෝහා කටාර් රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ බවට ලැබුණු පැමිණිලි 06ක් ලැබුණු බවත් එම පිරිසගෙන් රුපියල් ලක්ෂ 16 ක් පමණ මුදල් වංචා කර ඇති බවට මෙම පුද්ගලයාගේ වංචාවට හසුවූ පිරිස් මුදල් බැංකු ගත කළ රිසිට්පත් මගින් තහවුරු වී ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

මෙම පුද්ගලයා විසින් විශ්‍රාමික යුධ, ගුවන් හා නාවික යන ත්‍රිවිධ හමුදා නිළධාරීන් හා පොලිස් නිළධාරීන්ට මෙලෙස විශාල වශයෙන් වංචා සිදු කර ඇති බවත්, දෝහා කටාර් රාජ්‍යය‌ේ පෞද්ගලික ආරක්ෂක අංශයක රැකියා සඳහා යොමු කරන බවට පවසා මෙලෙස වංචා කර ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශ නිළධාරීන් පවසයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබුණු පැමිණිලි 06 ට අමතරව මෙම පුද්ගලයා විසින් තවත් වංචාවන් සිදු කර ඇති බවට තොරතුරු ලැබුණු බවත්, ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදු කරන බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

අදාළ පුද්ගලයා විසින් විදේශ රැකියා දෙන බවට පවසා සිදු වූ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් එප්පාවල පොලිස් ස්ථානයටද පැමිණිලි ලැබී ඇති අතර,විදේශ රැකියා ලබා දෙන බව පවසා  මුදල් වංචාවන් සිදු කළ සැකකරුගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමට මුදල් ලබා දුන් පුද්ගලයින් පැමිණි අවස්ථාවන් වලදී, ඇතැම් පුද්ගලයින්ට, සැකකරු විසින් බැණ වැදී පහර දීමට උත්සාහ කර, අවස්ථා ගණනාවකදීම මුදල් ආපසු ලබා දීම මග හැර ඇති බවටද එප්පාවල පොලීසියට පැමිණිලි ලැබී ඇති බවයි පැවසෙන්නේ.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු පවසා ඇත්තේ තමන්ද , අතරමැදියකු වන බවත්. 

වෙනත් පුද්ගලයකුට රැවටී මෙම මුදල් ඔහුට ලබා දී ඇති බවත්ය.

අත්අඩංගුවට ගත් සැකකරු එප්පාවල පොලිස් ස්ථානයට භාර කර, අද (10) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යනු ලැබීය.

විදේශ සේවා නියුක්කි කාර්යංශයේ නීතීය ක්‍රියාත්මක කිරීමේ නිළදාරීන් වන එම්.කේ සුමනවීර, රවීන්ද්‍ර අබේපාල යන මහත්වරුන් හා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නීතී අංශයේ කළමණාකාර සහකාරවරුන් වන මහීෂ කොඩිප්පිලි ආරච්චි, නදීකා චන්ද්‍රමාලී, ගයේෂා සුභාෂිණි යන මහත්ම මහත්මීන් හා රියදුරු නන්දන වික්‍රමසිංහ යන නිළධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

GalleryGallery
ReeCha