සුපිරි සාදයකින් කෙලවර වූ කොන්ත්‍රාත්කරුගේ ඉරණම.

Sri Lanka Police Crime Death Murder
By Wayomi Dec 05, 2023 03:23 AM GMT
Wayomi

Wayomi

Report

ජාඇල උදම්විට ප්‍රදේශයේ හෝටලයක ඊයේ (04) පැවති සාදයක් අතරතුර දී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු සිදු වූ පහරදීමකදී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස ම,ඉයගොස් ඇත්තේ, ජාඇල තුන්පෑලිය කුරුසවල පාරේ පදංචි 34 හැවිරිදි කිරණවල්ලි අධිකාරිගේ ධනුක සම්පත් සිල්වා නැමැති ඉදිතිරිම් ක්ෂේත්‍රෙය් කොක්ත්‍රාක්කරුවෙක්.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සාදය අතරතුර දී තවත් පුද්ගලයෙකු සමඟ බහින්බස්වීමක් ඇතිව තිබෙනවා.

එහිදී අනෙක් පුද්ගලයා මොහුට පහර දී පසුව පිහිණුම් තටාකයට තල්ලු කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

එලෙස තදබල ලෙස පහර කෑමට ලක්වු අදාල පුද්ගලයා රාගම ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

එම පුද්ගලයාගේ සිරුර පශ්චාත් හදිසි මරණ පරීක්ෂණය සඳහා රාගම ශීක්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.   

ReeCha