තවත් වෙඩි තැබීමක්.
Police spokesman
Ampara
Sri Lanka
Death
Gun Shooting
By Hashini
අම්පාර, බණ්ඩාරදූව, මායාදුන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
වෙඩි තැබීම ඊයේ (06) රාත්‍රියේ සිදු වී තිබෙනවා.
ඝාතනය කර ඇත්තේ වැරන්කැටගොඩ, මායාදුන්න ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42ක් වයසැති පුද්ගලයෙක්.
මරණකරු නිවස පිටුපස ස්නානය කරමින් සිටියදී පුද්ගලයෙකු පැමිණ වෙඩි තැබීම සිදු කර පළාගොස් තිබෙනවා.
කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදු වන්නට ඇති බවයි විමර්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ.
වෙඩික්කරු හඳුනාගෙන ඇති අතර,ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
