සති දෙකක් දෙන්නම්.. වහාම වැඩබලන පොලිස්පතිගෙන් සියලුම පොලිස් ස්ථාන වෙත නියෝගයක්..
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලු පොලිස් ස්ථාන වෙත උපදෙසක් ලබා දී තිබෙනවා.
ඒ මහජනතාව විසින් ඉදිරිපත් කර ඇති සියලුම සුළු පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ විමර්ශනය කර අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

හීන් දාඩියත් දැම්ම ද?. අලුත් ආණ්ඩුවෙන් අලුත්ම ක්‍රමයක්.. මෙන්න හෙට සිට ලංකාව පුරා බදු ගැන කරන්න යන දෙය..
එමෙන්ම, මින් ඉදිරියට පොලිස් ස්ථාන වෙත ලැබෙන විවිධ පැමිණිලි එදිනම විභාග ආරම්භ කිරීමටත්, පැය 48 ක් තුළ විභාග කර අවසන් කිරීමටත් වැඩබලන පොලිස්පති නියෝග කර තිබෙනවා.
කෙසේ වෙතත්, මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.