පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්.
පොලීසිය විසින් මහජන සහාය ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
ඒ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව අවශ්‍ය කරන සැකකරුවන් හා මෝටර් රථයක් හඳුනාගැනීම සඳහායි.
පසුගිය අගෝස්තු මස 22 වනදා හපුතලේ පොලිස් වසමේ දී එම පුද්ගල ඝාතනය සිදු ව තිබිණ.
එහිදී නාඳුනන කණ්ඩායමක් විසින් වෙඩිතබා මෙම පුද්ගලයාව ඝාතනය කර තිබෙනවා.
එමෙන්ම තවත් පුද්ගලයෙකුට බරපතළ තුවල සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
ඝාතනය සඳහා සැකකරුවන් පැමිණ ඇත්තේ මෝටර් රථයකින් වන අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
එහිදී සැකකරුවන් පැමිණ ඇත්තේ ව්‍යාජ අංක තහඩුවක් සහිත මෝටර් රථයකින් බව සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.
ඒ හේතුවෙන් සැකකරුවන් හා එම මෝටර් රථය සම්බන්ධයෙන් යම් තොරතුරක් අනාවරණය වී ඇත්නම් පහත සඳහන් දුරකථන අංක අමතා ඒ බව පොලීසියට දැනුම්දෙන මෙන් පොලිසිය ඉල්ලිමක් සිදු කරයි.
ස්ථානාධිපති/ පොලිස් ස්ථානය දියතලාව + 071 - 859 1531
බණ්ඩාරවෙල කොට්ඨාස මෙහෙයුම් මැදිරිය + 057 222 2260 / 057 - 223 1612
