දෙස් විදෙස් සංචාරකයන්ට අලුත් අත්දැකීමක්

Report

ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ඉදිරියට ගමන් කරමින් පවතින අතර, ඒ සඳහා රජය හා ප්‍රාදේශීය මට්ටමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී.

එහි කොටසක් ලෙස, මහවැව ප්‍රදේශයේ පිහිටි මහවැව වැවෙහි දෙස් විදෙස් සංචාරකයන්ට බෝට්ටු සවාරි පහසුකම් ලබාදීමේ නව වැඩසටහන ඊයේ (05) ආරම්භ කරන ලදී.

මෙම වැඩසටහන නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව, මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මහවැව නිෂ්පාදන සමිතිය එක්ව සංවිධාන කර තිබීම විශේෂත්වයකි.

කාලයක් තිස්සේ ජපන් ජබර ඇතුළු ජලජ ශාක වලින් පිරී තිබූ මෙම වැව, ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පිරිසිදු කර සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථානයක් ලෙස සංවර්ධනය කර ඇති අතර, ඒ අනුව බෝට්ටු සවාරි ආරම්භ කිරීම ද සිදු කෙරිණි. මෙම අවස්ථාවට සමගාමීව, ප්‍රදේශයේ ධීවරයන් අතර තෙප්පම් පැදීමේ තරගයක් ද සංවිධාන කර තිබූ අතර, එය ද ජනතා ආකර්ෂණයට ලක්විය.

ගල්අඟුරු සැපයුම්කරුවෙක් තෝරා ගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමක්

ගල්අඟුරු සැපයුම්කරුවෙක් තෝරා ගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක මහතා සහ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපති සාගර විජේසේකර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර, වසන්ත සමයේ සංචාරකයන් ඉලක්ක කරගනිමින් කැප්පෙටිපොල ප්‍රදේශයේ මල්වගාකරුවන් මල්පැල අලෙවියට සූදානමින් සිටිති. මල්වගාව ජීවනෝපාය කරගත් විශාල පිරිසක් එම ප්‍රදේශයේ ජීවත්වන අතර, විශේෂයෙන් අප්‍රේල් මාසයේදී මල්පැල සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව ඔවුන් පවසති.

දිවයිනටම පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් - අවුරුදු කටේ මුළු ලංකාවටම දීපු භයානක අනතුරු ඇඟවීම

දිවයිනටම පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් - අවුරුදු කටේ මුළු ලංකාවටම දීපු භයානක අනතුරු ඇඟවීම