පොදු ප්‍රවාහන සේවයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට අලුත්ම ක්‍රමයක් - කුලීරථ ගැනත් විශේෂ තීරණයක්...

Sri Lanka Development Latest Headlines Decision Making
By Sewvandhi Jul 09, 2024 07:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙම වසර අවසන් වීමට පෙර දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවයි.

ඊයේ (8) දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එතුමා මේ බව සඳහන් කළා.

එම අවස්ථාවට එක්වෙමින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. පී. එම් සූරිය බණ්ඩාර මහතා පැවසුවේ කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ලබන සතියේ ජනතා අයිතියට පත් කරන බවයි.

එමෙන්ම කොහුවල ගුවන් පාලමද ඉන්පසු සතියේ ජනතා අයිතියට පත් කිරීමට නියමිත අතර වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ වැඩකටයුතුද සැප්තම්බර් මාසයේ මුල් භාගයේදී අවසන් කරන බවයි ඔහු පැවසුවේ.

මේ අතර ත්‍රිරෝද රථ, පාසැල් හා කාර්යාලීය ප්‍රවාහන සේවා, කුළී රථ නියාමනය කළ හැකි පරිදි ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනයට යොමු කරන බවයි, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා කියා සිටියේ.

ReeCha