නාවික හමුදාවට නව වගකීමක්
රට වට කොට බැඳි පවුර හෙවත් ශ්‍රී ලංකා නාවික හමුදාව යනු වගකීම් රැසක් ඉටු කරමින් දේශයට ආරක්ෂාව සපයන තවත් ප්‍රබල ආරක්ෂක කණ්ඩායමකි..ඔවුන් සිදු කරමින් පවතින සේවාවන්වලට අමතරව නව වගකීමක් එකතු වීී තිබේ.
ඒ අනුව සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදුකිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අනුමැතිය සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදුකිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අනුමැතිය July 8, 2025 03:49 pm ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය. ජාත්‍යන්තර සමුද්‍ර ගමනාගමනයේ යෙදෙන වෙළෙඳ නෞකාවන්ට රතු මුහුදේ දී සහ ඒඩ්න් බොක්ක ඇතුළු සෝමාලියානු සාගර කලාපයේ දී මුහුණ දීමට සිදු වී ඇති මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය විසින් එම සාගර කලාපය අධි අවදානම් කලාපයක් ලෙස 2010 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කර ඇත. එම තර්ජනයන්ට පිළියමක් ලෙස අධි අවදානම් කලාපයට ඇතුළුවන වෙළෙඳ නෞකා විසින් විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් මඟින් ගිනි අවි රැගත් සමුද්‍රීය ආරක්ෂකයන්ගේ සේවය ලබා ගනු ලබයි. 2023-01-01 වන දින සිට එම අධි අවදානම් කලාපය ඉවත් කර ඇති බව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති නමුත්, වාණිජ නෞකා විසින් තවදුරටත් පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම්වල සේවය ලබා ගැනීමට කටයුතු කර තිබේ.
එම සාගර කලාපයට ඇතුළුවන නෞකා සඳහා ගිනිඅවි සහිත සමුද්‍රීය ආරක්ෂකයින් නංවා ගැනීමත්, පිටවන නෞකාවන්හි ආරක්ෂාවට යොදවා සිටි ගිනිඅවි සහිත සමුද්‍රීය ආරක්ෂකයින් ගොඩ බැස්වීම සඳහාත් ප්‍රධාන වශයෙන් ගාල්ල සහ කොළඹ වරායන් යොදා ගන්නා අතර, ඇතැම් අවස්ථාවන්හි දී හම්බන්තොට සහ ත්‍රිකුණාමලය වරායන් ආශ්‍රිතව ද එවැනි සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි. එම ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු සිදුකිරීමේ දී ජාතික ආරක්ෂාව සම්බන්ධ පූර්ණ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පවරා ඇත.
එබැවින්, සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතුවලට අදාළව ශ්‍රී ලංකා නාවික හමුදාව සතු දැනුම හා පළපුරුද්ද සැලකිල්ලට ගෙන, සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු ස්වාධීනව සිදු කිරීම පිණිස ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ද අනුමැතිය ලබා දීම යෝග්‍ය බව පෙනී ගොස් තිබේ. ඒ අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කිරීම සඳහා කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
