අලුතින් එන ආගමන පනත් මෙන්න.

Parliament of Sri Lanka Sri Lanka Cabinet Government Of Sri Lanka
By Wayomi Jun 12, 2024 07:35 AM GMT
Wayomi

Wayomi

Report

නව ආගමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත අවස්ථා ගණනාවකදී සංශෝධනය කර ඇති නමුත් එකී පනතින් ආවරණය වන ක්ෂෙත්‍රය තුළ ශීඝ්‍රයෙන් සිදුවන වෙනස්කම් සහ තාක්ෂණයේ වේගවත් දියුණුව මෙන්ම ජාත්‍යන්තර ප්‍රවණතාවයන්ද සැලකිල්ලට ගෙන ඒ සඳහා නව පනතක් හඳුන්වා දීම සඳහා සැකසූ පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී ඇත.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%