නිදි පැදුරෙ දි සැමියව ඝාතනය කරල මහ රෑම කරමතින් වැවට ගිහින් දැම්ම බිරිඳ..
නිවසේ නිදාගෙන සිටි සිය සැමියා ඝාතනය කර එම සිරුර රාත්‍රියේම කර මත තබාගෙන ගොස් ඉහළ ගිරිබාව වැවට දැමූ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් බිරිඳක්ව සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගිරිබාව පොලිසිය විසින් ය.
මෙලෙස ඝාතනය වී ඇත්තේ ඉහළ ගිරිබාව, හතර කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි උදය කුමාර නමැති තිස් දෙහැවිරිදි දෙදරු පියෙක් වේ.
පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ සැකකාර කාන්තාව විසින් එම දේහය කර මත තබාගෙන මීටර් 150ක පමණ දුර ගොස් තිබෙන බවයි.
කෙසේ වෙතත්, මෙලෙස සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ 33 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය සඳහන් කළේ ය.