රටක් කම්පා කරමින් පස්කන්දට යටවූ තවත් මළසිරුරු දෙකක් ගොඩ ගැනේ.(PHOTOS)
Update
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කෑගල්ල දේවාලේගම පොලිස් වසමේ මිනුවන්ගෙදර පුස්සැල්ල දේවාලේගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටිම නිසා අතුරුදහන් වු වයස අවුරුදු 70 ක් වන එම්.බී. ආර්.රණසිංහ, වයස අවුරුදු 32 ක් වන එම්.බී.ආර්දමිත් කුමාර රණසිංහ යන අයගේ සිරුරු සොයාගෙන තිබෙනවා.
.......................................................
තවත් පස් කන්දක් කඩා වැටී නිවසක් සම්පුර්ණයෙන්ම යට වෙයි..02ක් අතුරුදන්(PHOTOS)
දින හතරක් තිස්සේ නොකඩවා කෑගල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දේවාලේගම පොලිස් වසමේ මිනුවන්ගෙදර පුස්සැල්ල දේවාලේගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටිම නිසා දෙදෙනෙක් අතුරුදහන් වි ඇති බව පොලිසිය කියයි මුදා ගැනිමේ කණ්ඩායම් වන පොලිසිය හමුදාව එක්ව මේ වන විට පස් කන්දේ අතුරුදහන් වු වයස අවුරුදු 70 ක් වන එම්.බී. ආර්.රණසිංහ, වයස අවුරුදු 32 ක් වන එම්.බී.ආර්දමිත් කුමාර රණසිංහ යන අතුරුදහන් වි ඇත.
එම නිවසේ පදිංචිව සිටි වයස අවුරුදු 68 ක් වන සී.එම්. චන්ද්‍රසේන මුදියන්සේලාගේ නන්දාවතී තුවාල ලබා කෑගල්ල මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවද පොලිසිය කියයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |









