ගමක්ම කම්පා කරමින් අතුරුදන්වූ 24 හැවිරිදි මවගේ සහ සිඟිත්තියගේ සිරුරු හමුවෙයි - (VIDEO)

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jul 21, 2023 07:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බිළිඳියකගේ සහ මවකගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැළෑවක තිබියදී සොයාගෙන තිබේ.

 පසුගියදා අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ අතුරුදන්වූ බව කියූ 24 හැවිරිදි එක්දරු මවගේ සහ මාස 11ක් පමණ වයසැති ඇයගේ බිළිඳියගේ සිරුරු එලෙස හමුවී ඇති බවයි, පොලීසිය සැකකරන්නේ.

අද(21) එම සිරුරු නිවසට මීටර් 500ක් පමණ ඈතින් වූ කැළෑ ප්‍රදේශයක තිබියදී ප්‍රදේශවාසීන් හා පොලීසිය විසින් සිරුරු සොයාගෙන තිබේ. සිරුරු දෙකට සතුන් දැඩි ලෙස හානි සිදුකර ඇති බවද වාර්තා වෙයි. සිඟිත්තිය සමඟ ඇය අතුරුදන්ව ඇති බවට පසුගියදා අඟුරුවාතොට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම කාන්තාවගේ ඥාති සොහොයුරකු පොලිස් භාරයට ගෙන පරීක්ෂණ පැවැත්විය. පොලිස් විමර්ශනවලදී කාන්තාවගේ නිවසේ මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් ද නිරීක්ෂණය වී තිබුණි.

අතුරුදන් වූ වාසනා කුමාරි, 24 හැවිරිදි එක්දරු මවක් වන අතර, ඇය සිය 11 හැවිරිදි සිඟිත්තිය ද සමග පසුගිය 18 වනදා පස්වරුවේ සිට අතුරුදන්වී ඇති බව පවසමින් ඇයගේ සැමියා අඟුරුවාතොට පොලීසියට එලෙස පැමිණිල්ලක් සිදුකර තිබුණි.


ReeCha