මාස 6ක බිලිදා සිගරට් වලින් පුච්චා හිංසා කළ මව
මාස 06ක පමණ වූ බිළිඳෙකුට මව විසින් අමානුෂික වධ හිංසා පැමිණවූ පුවතක් ජා ඇළ ප්‍රදේශයෙන් වාර්තා විය. මව එම බිළිඳාට හිංසා කර ඇත්තේ ඇගේ පෙම්වතා බව පැවසෙන පුද්ගලයෙකු ද සමග ය.
මාස 6ක් වියැති එම සිඟිත්තාව පීඩාවට මව සතුටුවන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද හමුවී තිබුණි. සිඟිත්තාට පීඩා කිරීමට ඇයගේ අනියම් පෙම්වතා යැයි පැවසෙන පුද්ගලයාද එක්වී තිබේ.
ජා ඇළ, තුඩැල්ල ප්‍රදේශයේ වෙසෙන එම කාන්තාව තිදරු මවකි. ඇයගේ සැමියා පවුල් ආරවුලක් නිසා රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති අතර එම කාන්තාව ද මත්ද්‍රව්‍ය ජාවාරම්කිරීමේ චෝදනාව මත රිමාන්ඩ් භාරයේ සිට ඇති බව වාර්තා වෙයි. එම කාලය තුළ එම බිළිඳාව රැකබලාගෙන තිබුණේ මිත්තණිය විසිනි.
පසුව ඇප මත මුදා හැරුණු එම කාන්තාව සිය අනියම් පෙම්වතා බව කියන පුද්ගලයා සමග පැමිණ බිළිඳාව රැගෙන ගොස් තිබේ. ඒ අතරතුර ඔවුන් දින ගණනක් තිස්සේ දරුවාට අමානුෂික පීඩාකිරීම් කර ඇතිබව වාර්තා විය. දරුවාගේ පියා චෝදනා කළේ මව සහ අනෙක් පුද්ගලයා ද තදින්ම මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් බවය.
මේ වනවිට දරුවා රෝහල්ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සීදූව හා ජා ඇළ පොලිස් ස්ථාන එක්ව විමර්ශනක් ආරම්භකර තිබේ. මව සහ අදාළ තැනැත්තා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද වාර්තා වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
.