අලුත උපන් නිවුන් දරුවන් අලෙවි කළ මව..

By Sewvandhi Dec 07, 2023 09:47 AM GMT
Report

පොලීසිය විසින් උපත ලබා දින 7ක් වන නිවුන් දරුවන් දෙදෙනෙකු මුදලට අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 පොලීසිය සිදුකළ විමර්ශනයකදී ,රාගම ප්‍රදේශයේ කාන්තාවක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

එසේම පොලීසිය විසින්, එම කාන්තාවගෙන් දරුවන් මිලට ගත් රාගම ප්‍රදේශයේ කාන්තාවක් සහ කැලණිය ප්‍රදේශයේ කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව කොළඹ කාසල් රෝහලේදී මෙම නිවුන් දරුවන් බිහිකර තිබේ.

 අද(7)  සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා සහ නිවුන් දරුවන් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.